Sunday, April 25, 2010

චීන උපමා කතා IV

චීන උපමා කතා සදහා ඉතා හොද ඉල්ලුමක් 2010 බ්ලොග් මැරතන් තරගයේදී දක්නට ඇති නිසා තවත් උපමා කතා කීපයක්ම පළ කිරීමට අදහස් කළෙමි. ඉන් පළමුවැන්නයි මේ...

වෙළද ගැට

චූ පළාතේ පළිහ සහ හෙල්ල අලෙවි කරන එළෙන්දෙක් විය.

"මගේ මේ පළිහ බොහොම ශක්තිමත්. මොනම ආයුධයකින් ඇන්නත් එය සිදුරු කරන්නට බැහැ. ඊට දෙවෙනි නැහැ හෙල්ලය. හරිම මුවහත්. මේකෙන් ඇනලා සිදුරු කරන්න බැරි මොකවත් නැහැ." වෙළෙන්දා තමන් අළෙවි කරනා භාණ්ඩ ගැන විස්තරයක් කළේය.

"එතකොට උබේම පළිහකට උබේම හෙල්ලකින් ඇන්නොත් මොකද වෙන්නේ?" එය අසා සිටි කෙනෙක් ඇසුවේය.

එයට පිළිතුරු නුදුන් වෙළෙන්දා එය නෑසුන ලෙස සිටියේය.

3 comments:

  1. හික් හික්.. නිකන් මේ පහුගිය ජනාධිපතිවරණය වගේ

    ReplyDelete
  2. හෙහෙ. මරු මචන්. බොහොම ස්තූතියි මේ කතා වලට.

    ReplyDelete