Sunday, April 25, 2010

චීන උපමා කතා V

රන් හොරා...

එක්තරා මිනිසෙකු රත්තරන් ලබාගැනීමේ තදබල ආසාවකින් පෙලුනේය. නමුත් ඒ සදහා ඔහු සතුව මුදල් නොවිය. ඔහු දිනක් හොදින් හැද පැලදගෙන රන් අලෙවි සැලකට ගොඩවැදී කිසිදු සැකයක් හෝ බිය නොමැතිව රත්තරන් පැහැරගන්නට විය.
රන් අළෙවිසැල අයිතිකරු වහා ඔහු අල්ලාගෙන නිලදාරින්ට බාර දුන්නේය.
"මිනිස්සු මෙච්චර ඉන්න තැනක, මහ දවල් හොරකම් කරන්න හිතුවේ ඇයි?" ඔව්හු සොරාගෙන් ඇසූහ.
"මම දැක්කේ රත්තරන් විතරයි. මිනිස්සු හිටිය බවක් මම දැක්කේ නැහැ" සොරා පිළිතුරු දුන්නේය.

3 comments:

  1. තෘෂ්ණාවේ ආනිශංෂ....

    ReplyDelete
  2. තණ්හාව ලඟදි වෙන කිසි දෙයක් පේන්නේ නැහැ.

    ReplyDelete
  3. හක් හක් හා...

    ReplyDelete